දේශීය

මුහුද රළු වෙයි – ධීවරයන්ට අනතුරු ඇඟවීම්

(UTV | මාතර) – මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහිදී පැයට කිලෝමීටර් 70 ක පමණ දක්වා සුළං වේගය ඉහළ යා හැකි බවත් , ඒ හේතුවෙන් අද සහ හෙට ධීවර කටයුතු සඳහා පිටත්ව යාම අනතුරුදායක බව එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව දිස්ත්‍රික්ක කීපයක මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ඒ අනුව නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර ප්‍රදේශවල මෙලෙස වැසි අපේක්ෂා කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුට කැඳවීමක්

Mohamed Dilsad

දුම්වැටි බදු අයකර ගන්නා ආකාරය නිවැරැදි නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

ඇඳිරි නීතිය අස්සේ බස්නාහිරින් ගොස් සමාජ ඔස්සේ සටහන් තැබූ අයට වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment