දේශීය

මුහුද රළු වෙයි – ධීවරයන්ට අනතුරු ඇඟවීම්

(UTV | මාතර) – මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහිදී පැයට කිලෝමීටර් 70 ක පමණ දක්වා සුළං වේගය ඉහළ යා හැකි බවත් , ඒ හේතුවෙන් අද සහ හෙට ධීවර කටයුතු සඳහා පිටත්ව යාම අනතුරුදායක බව එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව දිස්ත්‍රික්ක කීපයක මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ඒ අනුව නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර ප්‍රදේශවල මෙලෙස වැසි අපේක්ෂා කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

ලංකාවේ කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම්

Mohamed Dilsad

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

හෙට දිනයේත් පැය 7 1/2 කට ආසන්න විදුලි කප්පාදුවක්..

Mohamed Dilsad

Leave a Comment