දේශීය

ලංකාවේ කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම්

(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව රජයට ප්‍රශංසාව පළ කරන බව ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද් සර්බෝස් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති හමුවකදීයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇත.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් අනතුරුව ආර්ථික සංවර්ධනය සහ යටිතල පහසුකම්, සනීපාරක්ෂාව මෙන්ම, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට හා සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කර ඇත්තේ.

 

Related posts

නෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්

Mohamed Dilsad

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගෙන් මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

Mohamed Dilsad

Leave a Comment