කලා

හෙන්රි කැවිල්ගේ ප්‍රියතම චරිතය

(UTV | ඇමරිකා) – හොලිවුඩයේ  සුපිරි නළු ඩැනියෙල් කේග්‍ර් රංගනයෙන් දායක වන අවසන් ‘ජෙම්ස් බොන්ඩ්’ චිත්‍රපටය වන ‘නෝ ටයිම් ටූ ඩේ’ නොවැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ.

ඉදිරි ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට සඳහා මේ වනවිට එම චිත්‍රපට කණ්ඩායම අලුත් නළුවෙකු සොයමින් සිටින අතර, ඒ සඳහා ජනප්‍රිය කොමික් චරිතයක් වූ ‘සුපර් මෑන්’ චිත්‍රපට චරිතය සඳහා වර්තමානයේ එකතු වී සිටින හෙන්රි කැවිල්ගේ නම යෝජනා වී තිබෙන බව වාර්තා වෙයි.

හෙන්රි කැවිල් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා තුළ ‘ජේම්ස් බොන්ඩ්’ චරිතයක් රඟපාන්නට කැමැත්ත අද ඊයේ තිබූ ආසාවක් නොවන බවය.

එමෙන්ම තමාට එම චිත්‍රපටයට සම්බන්ධ වීමට ආරාධනාවක් කළහොත් එය වරක් දෙවරක් නොසිතා භාරගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Related posts

ශාරුක්ගේ නවතම චිත්‍රපටයට බිරිඳගෙන් ඩොලර් මිලියන 28ක වියදමක් .

Mohamed Dilsad

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

Leave a Comment