දේශීය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.   

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ රාත්‍රියේ අනාවරණ කරගත් බවත් , ඔහු මේ වනවිට අයි ඩී එච් රෝහල වෙත මාරු කර යවා ඇති බවත්ය.

මෙලෙස කොවිඞ් වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.

බිළිඳාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රට අනතුරේ – ත්‍රෛනිකායික මහනාහිමිවරුනි මැදිහත්වන්න විමල්ගෙන් ලියමනක්

Editor O

අද සිට හෝටල් හා අවන්හල් පවත්වාගෙන යාමට අවසර

Mohamed Dilsad

පේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්

Editor O

Leave a Comment