දේශීය

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව කාලය තුළ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ) – උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාලය තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්ත්වයන් මගහැර සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සළසාදීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව , ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුළු පාර්ශව සම්බන්ධීකරණයෙන් එම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මකයි.

ලබන ඉරිදා සිට නොවැම්බර් 06 දින දක්වා එම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර , එම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් එම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂිණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 අදාළ කාල සීමාව තුළ පැය 24 පුරා විවෘතව පවතිනවා.

විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලූ එම දුරකථන අංක වෙත යොමු කළ හැකියි.

Related posts

ජපානයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (27) 

Editor O

කොරෝනා ජයගත හැකි බවට චීනයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment