දේශීය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.   

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ රාත්‍රියේ අනාවරණ කරගත් බවත් , ඔහු මේ වනවිට අයි ඩී එච් රෝහල වෙත මාරු කර යවා ඇති බවත්ය.

මෙලෙස කොවිඞ් වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.

බිළිඳාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

UPDATE: රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්

Mohamed Dilsad

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මිය යයි

Editor O

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

Mohamed Dilsad

Leave a Comment