දේශීය

චීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ චීන බලවතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (08) දිවයිනට පැමිණීමට නියමිතය.

චීනයේ කොරෝනා වසංගත තත්වයෙන් පසු එරට දේශපාලනයේ ඉහල සාමාජිකයන් පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

යැන්ගි ජෙයිචි මහතා ඇතුලු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.

දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

Mohamed Dilsad

ජපානයට අගමැතිනියක් පත්වෙයි

Editor O

රනිල්ගේ සංචාරය ගැන විමර්ශනයට බ්‍රිතාන්‍යයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලා පොලිස් මූලස්ථානය ට තොරතුරු ඉල්ලීමක්

Editor O

Leave a Comment