දේශීය

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

(UTV | කොළඹ ) – 2016, 2017 හා 2018 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල උපාධි හැදෑරීමට පොලී රහිත ශිෂ්‍ය ණය ලබා දීමේ 4 වන කණ්ඩායමේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැදවීමේ අවසන් දිනය ලෙස මැයි 20 වනදා නම් කර තිබේ.

මින් පෙර එහි අවසන් දිනය ලෙස මාර්තු 23 වනදා නම්කර තිබුනද රට තුල පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් ගියේය.

උසස් අධ්‍යාපන ප්‍රමුඛතා සලකා බලමිනුයි මෙම දිනය මැයි 20 වනදා ලෙස නම් කර ඇති අතර අයදුම්කරුවන් සදහා සම්මුඛ පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට ජූනි 01 වැනිදා සිට පැවැත් වේ.

ඊට අදාල සියලු විස්තර අයදුම්කරුවන්ගේ ඊමේල් ලිපින වෙත ලබාදීමට නියමිතයි.

Related posts

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000 ක් සූදානම්

Editor O

පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි

Editor O

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment