දේශීය

චීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ චීන බලවතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (08) දිවයිනට පැමිණීමට නියමිතය.

චීනයේ කොරෝනා වසංගත තත්වයෙන් පසු එරට දේශපාලනයේ ඉහල සාමාජිකයන් පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

යැන්ගි ජෙයිචි මහතා ඇතුලු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.

දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 113 ක පිරිසක් නිරෝධායනයට යොමුකරයි

Mohamed Dilsad

Leave a Comment