දේශීය

නිරෝධායන මධ්‍යස්ථාන ගණන වැඩි කෙරේ

(UTV |කොළඹ) – දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව නිරෝධායන මධ්‍යස්ථාන 10 – 15ක් අතර ප්‍රමාණක් සූදානම් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ආරක්ෂක අංශ සූදානම් බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩින් කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් අනතුරුව පුද්ගලයන් 500- 1000ත් අතර ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව සතු නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ 7039 දෙනෙක් පෙරේදා (4 ) වන විට නිරෝධායනයට යොමුකර ඇත.

මේ අනුව එම මධ්‍යස්ථානවලට යොමුකළ හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

Related posts

රාජ්‍ය ඇමති කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

Mohamed Dilsad

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

Mohamed Dilsad

රජයේ පළමු සුළං බලාගාරය අද අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment