දේශීය

නිරෝධායන මධ්‍යස්ථාන ගණන වැඩි කෙරේ

(UTV |කොළඹ) – දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව නිරෝධායන මධ්‍යස්ථාන 10 – 15ක් අතර ප්‍රමාණක් සූදානම් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ආරක්ෂක අංශ සූදානම් බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩින් කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් අනතුරුව පුද්ගලයන් 500- 1000ත් අතර ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව සතු නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ 7039 දෙනෙක් පෙරේදා (4 ) වන විට නිරෝධායනයට යොමුකර ඇත.

මේ අනුව එම මධ්‍යස්ථානවලට යොමුකළ හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

Related posts

මූල්‍ය – ලීසිං සමාගම් අක්‍රමිකතා කමිටුවට පැමිණිලි ගැනීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

Mohamed Dilsad

මංතීරු නීතිය කඩ කළොත් දඩය 2000ක්

Mohamed Dilsad

Leave a Comment