දේශීය

PCR පරීක්‍ෂණවල නව තත්ත්වය

(UTV |ගම්පහ) – දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් අතරින් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා කුරුණෑගල රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරු කර යැවූ බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක්ද ,යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

ඔවුන් දෙදෙනාද මේ වන විට කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇත.

මේ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් සොයා ගැනුණු මුළු රෝගීන් ගණන 80 බවට පත්ව තිබේ.

Related posts

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල පහළට

Mohamed Dilsad

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Editor O

රැකියා විරහිත උපාධිධාරීන් සහ පරිපාලන නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment