දේශීය

20 ට එරෙහි පෙත්සම්වල නීතිපතිගේ වැඩිදුර කරුණු දැක්වීම ලබන සඳුදා

(UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක්කර ගොණුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුඳා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නියම කළහ.

ඊට එරෙහිව පෙත්සම් 39 ගොණු කර තිබූ අතර ඉන් දෙකක් සළකා නොබැලීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබීය.

ඒ අනුව සෙසු පෙත්සම් 37 ට අදාළ කරුණු දැක්වීම් සහ පණත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම් ඊයේ දිනයෙන් අවසන් විය.

ලබන සඳුදා දිනයේදී නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතය.

Related posts

විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

Mohamed Dilsad

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කරයි.

Editor O

Leave a Comment