දේශීය

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

(UTV |කොළඹ) – ජනාධිපතිවරයා ජනතාව මුහුණ පා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන ඒවාට නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට දෙවන චාරිකාව මාතලේ, හිබිලියාකඩ ගම්මනයේදී අද(02) ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පීඩාවට පත්ව ඇති ප්‍රශ්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ මාතලේ, හිබිලියාකඩ ගම්වාසීන් මුණ ගැසී ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයා බැලුවේය.

ජනාධිපතිවරයා ජනතා ගැටළු සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.

Related posts

විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

Leave a Comment