දේශීයව්‍යාපාරික

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

(UTV | අනුරාධපුරය) – ජාතික රුක් රෝපණ සතිය අද (02) අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී ආරම්භ කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාසල් දරුවන්, දහම් පාසල් දරුවන් හා ගොවීන් ඉලක්ක කර මෙහිදී පැළ බෙදා දීමට නියමිතයි. ඒ සඳහා වෙන් කර ඇති පැළ සංඛ්‍යාව මිලියන 02 ක්.

ලබා දෙන සෑම පැළයකට ම අයිතිකාරයෙක් නම් කිරිමට බලාපොරොත්තු වන බව ද කී අමාත්‍යවරයා, මින් පෙර ලබා දුන් පැළ සම්බන්ධයෙන් නිසි නඩත්තුවක් සිදු කර තිබුණේ නම් මෙරට වනාන්තර වලින් පිරි රටක් වන බවත්,එසේ නොවිම නිසා මෙවැනි පියවරක් ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

Related posts

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

ගුරු – විදුහල්පති වර්ජනයෙන් අධ්‍යාපන කටයුතු අඩාලයි

Mohamed Dilsad

Leave a Comment