දේශීය

ගුරු – විදුහල්පති වර්ජනයෙන් අධ්‍යාපන කටයුතු අඩාලයි

(UTV | කොළඹ) –  ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාවට නංවා ඇති එක්දින සංකේත වර්ජනය හමුවේ දිවයින පුරා පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.

පාසල් සිසුන්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

වර්ජනය සිදුකරනු ලබන ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවන අතර , මේ හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.

මේ හේතුවෙන් කොට්ටාව – බොරැල්ල 174 මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

නීතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල් රාජකාරියට වාර්තා කර නැහැ

Editor O

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

Editor O

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment