දේශීය

කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියෙන් තොරයි

(UTV | මහනුවර) –  මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පසුගියදා පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමට හේතුව එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියකට අනුව සිදු කර නොතිබීම බව අනාවරණ වී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවලින් තහවුරුව තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කළ පිටු 21 ක වාර්තාවක් එම සංවිධානය විසින් තමන්ට ඊයේ (01) භාරදුන් බව ආණ්ඩුකාරවරයා පැවසීය.

කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ ව්‍යූහය මහල් 05 ක් සඳහා කිසිසේත් සුදුසු තත්ත්වයේ නොතිබූ බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙම ගොඩනැඟිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නකාරී තත්ත්වය හමුවේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ගොඩනැඟිල්ලේ සුන්බුන් අතරින් කම්බි, කොන්ක්‍රීට් ඇතුළු අමුද්‍රව්‍ය සාම්පල රැගෙන පරීක්ෂාවට ලක්කරනු ලැබීය. එලෙස පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු කරගත් කරුණු ඇතුළත් වාර්තාව මඟින් ගොඩනැඟිල්ලේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලු ඇති බවට තහවුරු කර තිබෙන බව ආණ්ඩුකාරවරයා පැවැසීය.

බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ඒ අසල තිබූ තවත් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මාස එකහමාරක සිඟිති දියණියක් සහ ඇගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 20 වනදායි.

කඩා වැටීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, සැකකරු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

Related posts

කොරෝනා ආහාර වලින් බෝ නොවන බවට අවධාරණයක්

Mohamed Dilsad

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

Mohamed Dilsad

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් CID විමර්ශන අරඹයි

Mohamed Dilsad

Leave a Comment