දේශීය

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

(UTV| කොළඹ) – අන්තර්ජාතික තැපැල්සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගත හොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08 කට අධික ආදායමක් උපයනු ලබයි. වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06 ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව ද එහිදී අනාවරණය විය.

මීට අමතරව , නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

Related posts

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

Mohamed Dilsad

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

Editor O

නව රේගු අධ්‍යක්ෂවරයෙක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment