දේශීයව්‍යාපාරික

පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිල් සඳහා සහනයක්

(UTV | කොළඹ) –  සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Related posts

ජනපති පාර්ලිමේන්තු සභාවට

Mohamed Dilsad

පිලිපීන නෞකාවකට චීනයෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment