දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය

(UTV | කොළඹ) – විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බවයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ.

පසුගිය මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණා.

පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 ක්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද ,ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්ද විභාග සඳහා පෙනී සිටියා.

Related posts

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

Leave a Comment