ක්‍රීඩා

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

(UTV | එංගලන්තය) – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 20 -20 තරඟාවලියේ දෙවන තරඟය ලකුණු 47 කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (23) සමත් විය.

එංගලන්ත කණ්ඩායම තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් අතර , එහිදී නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 151 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 96 ක් පමණයි.

ඒ අනුව මේ වන විට තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

Related posts

මැතිව්ස් වාර්තා අතරට

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සියලුම තරගාවලි අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment