දේශීය

ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ලබන වසරේ සිට තහනම්

(UTV | කොළඹ) – ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි 01 වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බවත් , ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වේ.

ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වෙයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

Mohamed Dilsad

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

Mohamed Dilsad

අල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment