දේශීය

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිවී, නැවත මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී ඇත.

එම කාර්යාංශය පැවසුවේ නව ක්‍රමවේදය සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයකින් විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව, අදාළ අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, එම ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබ සාධන අංශය මගින් ලබා ගැනීමට හැකියාව පවතියි.

අවශ්‍ය ලේඛන මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමු කිරීමෙන් පසු ඉහත පහසුකම ලබාගත හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

Related posts

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

රාජකාරී වල සිටින පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණ පැවැත්වුවොත් ආණ්ඩුව පරාදයි

Editor O

Leave a Comment