Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණ පැවැත්වුවොත් ආණ්ඩුව පරාදයි

.පළාත් සභා යළි පිහිටුවනු, පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු, තේමාව යටතේ, විශේෂ මාධ්‍ය හමුවක් අද (04) පැවැත්විණි

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා. “අපි විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් අරගෙන යනවා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවල අර 1993 අපි හැදුවා වගේ පළාත් සභා අපේ අතට අපි ගන්නවා.”

ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා.අපිට පුළුවන් වෙයි ඒකාබද්ධව ඒ වැඩ කටයුතු ටික කරන්න.ආණ්ඩුව අපි පරාජයට පත් කරනවා මේ පළාත් සභා මැතිවරණය තමා ආණ්ඩුවේ පරාජයේ ආරම්භය.

ඒ නිසා පුළුවන් නම් තියන්න පළාත් සභා ටික අපි වයඹ බලා ගන්නම්.ඒකට අපි අවශ්‍ය කරන ශක්තිය දෙන්න සූදානම්.ආණ්ඩුවට පළාත් සභා බලය දෙන්න අපි සූදානම් නෑ.

මේ රටේ ජනතාවත් බලය දෙන්න සූදානම් නෑ.අපි අභියෝගයක් කරන්න සූදානම් මේ වෙලාවේ පුලුවන්නම් පළාත් සභා තියන්න.මේ වෙලාවේ මේගොල්ලෝ ඔක්කොම අත්හදා බලමින් යන්නේ.

ජනාධිපති කියනවා වගේ පාර්ලිමේන්තුවත් අත්හදා බලනවා.වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ගමන් වැඩ කරනවා.විපක්ෂයේ ඉන්නවා වැඩ කරපු මිනිස්සු.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර (හිටපු වයඹ මහ ඇමති) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ (හිටපු දකුණු පළාත් විපක්ෂ නායක), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත,හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක සහ සමාජ ක්‍රියාකාරික නදීෂ ද සිල්වා මහත්වරුඒ සඳහා සහභාගි වූහ.

Related posts

சாதாரண தரம் 06 பாடங்களாக மட்டுப்படுத்தப்படும்; அனைத்து மாணவர்களுக்கும் உயர் தரக் கல்வி

Mohamed Dilsad

Emma Watson donates £1m to anti-harassment campaign

Mohamed Dilsad

UNP Parliamentary Group, Provincial Councillors to meet Sajith today

Mohamed Dilsad

Leave a Comment