දේශීය

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – වත්තල ප්‍රදේශ කිහිපයකට අද (21) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ් අනුව අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා මෙය ක්‍රියාත්මක වන අතර , හේකිත්ත මාර්ගයේ ජලනල පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවනු ලැබේ.

වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලගහදූව සහ ඇළකන්ද යන ප්‍රදේශවලට මෙය බලාත්මක වනු ඇත.

Related posts

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය දික්ඕවිට වරායට

Mohamed Dilsad

12ක් රෝහලට යැවූ අනතුර

Mohamed Dilsad

Leave a Comment