විදෙස්

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

(UTV |  චීනය) – චීනය තුළ නිෂ්පාදනය කර සංවර්ධනය කෙරෙන කොරෝනා වෛරස් එන්නත නොවැම්බර් මාසය වනවිට ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බව එරට රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

COVID -19 එන්නත් හතරක් සංවර්ධනය කර තිබෙන එම එන්නත් හතරම මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම එන්නත් සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරේදී දැන් පවතී.

එයින් එන්නත් තුනක් දැනටමත් පරීක්ෂා කර බලා ඇතැයි සදහන් වේ. පසුගිය ජූලි මාසයේ ක්‍රියාත්මක කරන ලද හදිසි භාවිත කිරීමේ වැඩසටහනක් යටතේ අදාළ එන්නත් හතරෙන් තුනක් අත්‍යාවශ්‍ය සේවකයන් වෙත ලබා දී තිබේ.

Related posts

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

Mohamed Dilsad

ජේබි තවත් දරුණු වෙයි

Mohamed Dilsad

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment