විදෙස්

අත්ලාන්තික් සාගරයේ එකවර සුළි කුණාටු 05 ක්

(UTV |ඇමෙරිකාව) – අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබේ.

ලෝක ඉතිහාසයේ මෙලෙස එකවර සක‍්‍රීය වූ නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයෙන් වාර්තා වන්නේ දෙවන වරටයි .

මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ 1971 වසරේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු 5 ‘පුලෙට්’ , ‘සැලී’ , ‘ටෙඞී’ , ‘විකී’ සහ ‘රෙනේ’ ලෙස නම් කර ඇති බවයි.

පුලෙට් සුළි කුණාටුව බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්න කලාපයේ හටගෙන තිබේ.මේ නිසා ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් වන බහමාස් සහ ලීවර්ඞ් දුපත්වලට බලපෑම් එල්ල වනු ඇති බවට කාලගුණ අනාවැකි පළකර ඇත.

සැලී සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර ඇති බව වාර්තාවේ.

Related posts

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

Mohamed Dilsad

චීනයෙන් ඇමෙරිකාවට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment