විදෙස්

අත්ලාන්තික් සාගරයේ එකවර සුළි කුණාටු 05 ක්

(UTV |ඇමෙරිකාව) – අත්ලාන්තික් සාගරයේ එකවර නිවර්තන සුළි කුණාටු 05 ක් හටගෙන තිබේ.

ලෝක ඉතිහාසයේ මෙලෙස එකවර සක‍්‍රීය වූ නිවර්තන සුළි කුණාටු 05 ක් අත්ලාන්තික් සාගරයෙන් වාර්තා වන්නේ දෙවන වරටයි .

මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ 1971 වසරේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස අත්ලාන්තික් සාගරයේ හටගෙන ඇති සුළි කුණාටු 5 ‘පුලෙට්’ , ‘සැලී’ , ‘ටෙඞී’ , ‘විකී’ සහ ‘රෙනේ’ ලෙස නම් කර ඇති බවයි.

පුලෙට් සුළි කුණාටුව බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්න කලාපයේ හටගෙන තිබේ.මේ නිසා ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් වන බහමාස් සහ ලීවර්ඞ් දුපත්වලට බලපෑම් එල්ල වනු ඇති බවට කාලගුණ අනාවැකි පළකර ඇත.

සැලී සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ඇලබාමා සහ මිසිසිපි ප‍්‍රාන්තවලට මේ වනවිට හදිසි තත්ත්වයන් ද ප‍්‍රකාශයට පත්කර ඇති බව වාර්තාවේ.

Related posts

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කොරියාවේ පැවති විශ්ව සාම සම්මේලන ගෝලීය සමුළුව අමතයි.

Editor O

ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment