දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැප වනවා – අගමැති

ජාත්‍යන්තර ප්‍රාජතන්ත්‍රවාදී දිනය අදට යෙදී තිබේ.

මේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියටත් නිදහස් හා සාධාරණ මැතිවරණ නියමිත කාලය තුළ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැප වන බවයි.

රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා ලොව රටවල් දිරිමත් කරමින් 2007 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වරසක ම සැප්තැම්බර් 15 වන දා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෙස නම් කළේය.

වත්මන් මිනිස් සමාජය තුළ සියල්ලෝ ම තම ප්‍රජානත්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු විය යුතු බව විශ්වාස කරති. ඔවුන්ගේ ජීවිතය, නිදහස හා සතුට ලැබීමේ අයිතිය රැකදීම ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාර්ථය විය යුතු බව අපි විශ්වාස කරමු.

අපේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පිය නැගූ අතීතය මේ මොහොතේ දී ද මාගේ සිහියට නැගේ. ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කොට අපි එදා ප්‍රාර්ථනා කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප බලයට පත් වන සෑම අවස්ථාවක ම පෙනී සිටීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණකි. මැතිවරණ නොපවත්වන ආණ්ඩුවලට එරෙහිව පෙළ ගැසෙමින් රටේ ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය උදෙසා අපි කටයුතු කළෙමු.

ඉදිරියටත් නිදහස් හා සාධාරණ මැතිවරණ නියමිත කාල තුළ පවත්වමින් ජනතාව අප කෙරෙහි තැබූ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් හරයන් රැකීමට රජයක් ලෙස අපි කැපවන බව ප්‍රකාශ කරමු.

ප්‍රජානත්ත්‍රවාදය රැක ගනිමින් නිදහස්, නිවහල්, ස්වෛරී රාජ්‍යක් ලෙස අනාගත ලොවට පිය නගන්නට ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදෙන අද දිනයේ මම සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව එම නිවේදනයේ දැක්වේ.

Related posts

ඉන්දියාවෙන් ගත් ණය ආපසු අයකර ගැනීම වසර 3 කට අත්හිටුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීමේ 02 වන නඩුව : රංජන්ට අත්හිටුවන ලද වසර 02 ක සිර දඩුවමක්

Mohamed Dilsad

ඉදිරියේදී විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment