දේශීයප්‍රමුඛ පුවත 3

බස්නාහිර සිදුකළ වැටලීමකින් 319 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් තවත් සැකකරුවන් 319 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඊයේ (02) පස්වරු 06 සිට අද (03) පෙරවරු 5 දක්වා කාලය තුළ මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම මෙහෙයුමේදී වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධ චෝදනා යටතේයි.

ඒ සම්බන්ධ සැකකරුවන් 125 දෙනෙක් ද , ගංජා සම්බන්ධ චෝදනා යටතේ 56 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 108 ක්, ගෝඩා හා අයිස් ලබාගත් 19 දෙනෙක් ද සැකකරුවන් අතර වෙයි.

මීට අමතරව සිදුකරන ලද වෙනත් වැටලීම් සංඛ්‍යාව 11 ක්.

Related posts

සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතන හා වෙඩිතැබීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු

Editor O

Leave a Comment