දේශීයප්‍රමුඛ පුවත 2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) එහි සභාපති සහ හිටපු කථානායක වන කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිළ නිවසේදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතයි.

මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තාද ඇගයීමට ලක් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

 

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි.

Editor O

දේශබන්දු පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවයි.

Editor O

දේශීය ගොවියාගේ එළවළු තොග හෙට සිට රජයෙන් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment