දේශීයප්‍රමුඛ පුවත 2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) එහි සභාපති සහ හිටපු කථානායක වන කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිළ නිවසේදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතයි.

මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තාද ඇගයීමට ලක් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

 

Related posts

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Editor O

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

පොදු සමාව ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

Leave a Comment