විදෙස්

ලෝ පුරා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ දිනය තුළ

(UTV | කොවිඩ් 19) – ලොව පුරා මෙතෙක් එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී වාර්තා ඇත.

ඊයේ දිනය තුළ ලොව පුරා කොවිඞ්-19 ආසාදිතයන් 307,930 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

ගෙවී ගිය දිනයේදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 94,409 ක් සහ නව මරණ 1,108 ක් වාර්තා වී තිබුණි.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ගත් කළ ඉන්දියාවේ විශාලතම හා ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයට හැරවී ඇත.

මේ අතර දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා නියෝග කර ඇත.

Related posts

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවක

Mohamed Dilsad

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

Mohamed Dilsad

Leave a Comment