දේශීය

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

(UTV |කොළඹ) – පුද්ගලයින් 40,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (12) දිනයේ ද මධ්‍යස්ථාන 7 ක නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 95 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතය.

මධ්‍යස්ථාන 57 ක් තුළ තවත් පුද්ගලයින් 6021 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මේ වනවිට පුද්ගලයින් 40,401 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මැදපෙරදිග රටවල රැදී සිටි පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ (11) දිනය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 1890 ත් සමගින් මේ වන විට මෙරට තුළ සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂකොළඹණ සංඛ්‍යාව 250,000 ට ආසන්න වී ඇති බව ද සඳහන් වේ.

Related posts

බ්‍රිතාන්‍යයේ නව වෛරසය රටට ඇතුළුවීමේ අවධානමක්

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment