විදෙස්

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 96 දහසක්

(UTV |ඉන්දියාව) – ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 96,551ක් වාර්තා වී තිබේ.

ඒ සමඟම ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 45 ලක්ෂය ඉක්මවා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 1,209ක් ඉන්දියාවෙන් වාර්තාවී ඇත. ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 76,304 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

ලොව දිගම පාලම් අතරට එක වන තවත් පාලමක් හෙට විවෘතවේ.

Mohamed Dilsad

Leave a Comment