විදෙස්

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

(UTV | වොෂින්ටන්) – ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි.

පසුගිය දිනවල මෙය ආසාදනය වූවන් එරට ප්‍රාන්ත හයකින් වාර්තා වී තිබිණි. ඒ කැලිෆෝනියා, ඉලිනෝයි, මේරිලන්ඩ්, නිව් ජර්සි, මැසචුසෙට්ස් සහ නිව්යෝක්ය. මේ වනවිට ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආසාදිතයකු මරණයට පත්ව තිබිණි. 13 දෙනෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇති බවද සඳහන් වේ.

බැක්ටීරියාව පැතිරෙන්නේ කවුන්ටර හරහා අලෙවි කරන මස් හෝ චීස්වලින් විය හැකි බව එරට රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ. ආසාදිතයන් වැඩි දෙනෙකු නැගෙනහිර යුරෝපීය සම්භවයක් ඇති අය බවද සඳහන්ය.

ලිස්ටීරියා බැක්ටීරියාවෙන් වැළඳෙන මෙම රෝගය හඳුන්වනු ලබන්නේ ලිස්ටීරියෝසිස් (Listeriosis) යනුවෙනි. එය බොහෝ විට වැළඳෙන්නේ නරක් වූ ආහාර අනුභවයෙනි. ශීතකරණවල තිබෙන ආහාර මත වුවද ලිස්ටීරියා බැක්ටීරියාව වර්ධනය වියහැකි බව විශේෂඥයෝ පවසති.

ගර්භණී කාන්තාවන්, මහළු පුද්ගලයන් සහ දුර්වල ප්‍රතිශක්තියෙන් යුතු පුද්ගලයන් පහසුවෙන් මෙයට ගොදුරු විය හැකිය. උණ, මානසික ව්‍යාකූල බව, දැඩි තෙහෙට්ටුව සහ මාංශ පේශිවල වේදනාව ආදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස සඳහන් වේ.

Related posts

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

Mohamed Dilsad

ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.

Editor O

අයිෆල් කුළුණ අද නැවත ජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment