දේශීය

ගෘහ සේවිකාවන් රට යැවීම ගැන අලුත් තීරණයක්

(UTV | කොළඹ) – සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව නුපුහුණු ක්ෂේත්‍රවල රැකියා සඳහා කාන්තාවන් රැගෙන යාම අත්හිටුවන ලෙස රැකියා නියෝජිත ආයතන වෙත දැනුම් දී ඇත.

සංචාරක වීසා මගින් ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගොස් කාන්තාවන් අතරමංවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්, මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට පැමිණි කාන්තාවන් 586 ක් නැවත හරවා යැවූ බවත් එහි සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ කියා සිටියේය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා ගැනීම අද

Editor O

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

Mohamed Dilsad

Leave a Comment