දේශීය

කළුතරට පැය 24ක් ජලය නැහැ

(UTV |කළුතර) – කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන ලැබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

Mohamed Dilsad

“නව ගාස්තු යටතේ දැනට බස් දුවනවා, පාඩුයිනම් නවත්වනවා”

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment