විදෙස්

ලොව පුරා කොරෝනා වෛරසයට ගොඳුරු වූ සංඛ්‍යාව නව ලක්ෂය ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් දෙකෝටි 77 ලක්ෂ 21,721 දක්වා ඉහළ ගොස්ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

කොරෝනා වෛරසයට ගොඳුරු වූ සංඛ්‍යාව දැක්වෙන්නේ නව ලක්ෂ 874ක් ලෙසයි.

ගත වූ පැය 24රේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය. ලොව දෙවැනියටම වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

එරට දෛනික මරණ සංඛ්‍යාව 1107ක් ලෙස සටහන් වූ අතර ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 89,852 ක් ලෙසයි.

බ්‍රසීලයේ සහ ඇමරිකාවේ දෛනික මරණ සහ ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පහළ ගොස් ඇත.

Related posts

චීනයෙන් පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යා හැකි දුම්රියක්

Mohamed Dilsad

ඉරානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment