දේශීය

කොරෝනා රතු කලාපයේ සිට පොළොන්නරුවට පිවිසීම තහනම් කරයි

(UTV| කොවිඩ් 19) – කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමුවීමත් සමග එම වෛරසය ව්‍යාප්තව පවතින රතු දිස්ත්‍රික්ක ලෙසින් නම්කර ඇති ප්‍රදේශවල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණිම තහනම් කර ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්ධන මෙහෙයුම් කමිටුවයි මෙම තීරණය ගෙන තිබේ.

පොළොන්නරුව මහ දිසාපති ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රතු දිස්ත්‍රික්ක ලෙස නම්කර නොමැති දිස්ත්‍රික්වල සිට පොළොන්නරුවට පැමිණෙන පිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ සහතිකයක්ද රැගෙන පැමිණිය යුතු බවයි.

 

Related posts

රනිල් – නාමල් – ජීඑල් – වජිර ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක

Editor O

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනයි

Editor O

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

Leave a Comment