විදෙස්

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

(UTV |ඉන්දියාව ) – ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජනපති වතුයායේ තිබෙන ‘ශක්ති හාත්’ හි සිටිමින් ඇය එලෙස මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබේ.

ඒ දිල්ලියේ නිවාස අහිමි හා අවවරප්‍රසාදිත පිරිස් අතරේ බෙදා දීමටය.

සවිතා කෝවින්ද් මහත්මිය රතු පැහැති රෙදි කඩකින් සකසා ගත මුඛ ආවරණයක් පැළැඳ මුඛ ආවරණ මැසීමේ නිරත වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය මාධ්‍ය ඊයේ (22) ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එක්ව සටන් වැදිය හැකි බවත් සියලු දෙනාටම යමක් කළ හැකි බවත් මුඛ ආවරණ මැසීමේ නිරත වීමෙන් ඉන්දීය ජනපති ආර්යාව පණිවුඩයක් ලබා දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ මුඛ ආවරණයක් කිහිපයක් පොදුවේ භාවිතයට ගැනුණා. රෙදි මුඛ ආවරණ, ස්ථර තුනකින් සමන්විත සායනික මුඛ ආවරණ සහ එන්95 ස්වසන මුඛ ආවරණ බහුලව භාවිතයට ගත්තේය.

Related posts

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

තම මවගේ මරණය ආවර්ජනය කරමින් බියෙන් පසුවන හැරී කුමරු

Mohamed Dilsad

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

Leave a Comment