Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බවත් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය. VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් 2024 දෙසැම්බර් 16 වැනි දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු – ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයකි.

එමෙන්ම කලාපීය බල ශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) (Economic and Technical Cooperation Agreement) සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරමි.

Related posts

2018 Grade 1 school admission applications out tomorrow

Mohamed Dilsad

David Warner hits 166 as Australia beat Bangladesh

Mohamed Dilsad

Sri Lanka first in South Asia in Food Security

Mohamed Dilsad

Leave a Comment