Trending Newsඑසැන පුවත්දේශීය

එප්පාවල පොස්පේට් නිධියට ආණ්ඩුව කරන්න යන දේ.

සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය සඳහා එප්පාවල පොස්පේට් නිධිය භාවිත කිරීමට , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස මෙරට පොහොර නිෂ්පාදකයින්ට ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

එප්පාවල පොස්පේට් නිධිය අක්කර 500ක් පුරා විසිරි පවතී..‍ එම පොස්පේට් නිධිය ඵළදායීව භාවිත කිරීම තුළින් සිංගල් සුපර් පොස්පේට් රටතුළම නිෂ්පාදනයට අවස්ථාව උදාවන අතරම ඒවා ආනයනය මගින් ද ආදායමක් ලබා ගත හැකි බවත්, වාර්ෂිකව ත්‍රිත්ව සුපර් පොස්පේට් ආනයනය සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 8ක් පමණ බවත්, අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයෙකු හරහා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවත්, ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවද, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන තීරණ කිහිපයකට එළඹේ

Editor O

“சுதந்திர வர்த்தக உடன்பாடு, சீன – இலங்கை சுதந்திர வர்த்தகத்தில் மற்றொரு படிக்கல்லாக அமையும்”

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අලුත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment