දේශීය

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

(UTV | කොළඹ) – ඊයේ(08) රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත.

ග්‍රෑන්ඩ්පාස්, වෝඩ් පෙදෙස, මාළිගාවත්ත, කොටහේන, බේස්ලයින් සහ කොළඹ විශ්වවිද්‍යාලය අසල මාර්ග වැසි හේතුවෙන් ජලයෙන් යටව පවතිව අතර , ඇතැම් ප්‍රදේශවල ගස් කඩා වැටීම් ද වාර්තාවන බව පොලිසිය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ (08) පෙරවරු 8.30 සිට අද (09) අලුයම 4.30 දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි.

Related posts

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්

Mohamed Dilsad

අද පස්වරු කාලයේ ප්‍රදේශ කීපයකට තද වැසි

Mohamed Dilsad

එජාප කළමනාකරණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment