ගොසිප්

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV| මහනුවර) – නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ, ජා-ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් නැමති 56 හැවිරිදි එක්දරු පියෙකි.

ජාඇළ – කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි.

ඔහු හෘදයාබාධයකින් සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත්, දිවයිනට පැමිණීමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට මෙලෙස විෂබීජ ඇතුළු වී ඇති අතර, සැප්තැම්බර් 2 වන දින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මසක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවද වාර්තා වෙයි.

රෝහල් ගතකිරීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට ආසාදනය වී නොතිබූ බව නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

Related posts

නව ක්‍රීඩා ඇමති පිය පදවියට[PHOTOS]

Mohamed Dilsad

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

Mohamed Dilsad

‘මම මිලේච්ඡයෙක් නෙමෙයි ‘ – හිටපු ජනපති

Mohamed Dilsad

Leave a Comment