දේශීය

රනිල් ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කෙරේ

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට අද සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

හිටපු දිවි නැගුම අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා එම කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකට ඔවුන් අද(07) පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබූ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට සහ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ටද සිතාසි නිකුත් කර ඇත.

කොමිසම විසින් සිතාසි නිකුත් කර ඇත්තේ ඔවුන්ට ලබන 19 වනදා පෙනී සිටින ලෙස දන්වමිනි.

Related posts

නෝර්ටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

Editor O

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

ලියාපදිංචි නොකළ, හෘද සැත්කම් එන්නත් ගැන පරීක්ෂණ

Editor O

Leave a Comment