දේශීය

පාසල් යන සිසුන් වෙනුවෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) –  පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන හෙයින් පාසල් දරුවන්ට මුඛ ආවරණ පැළඳීම ඇතුළු ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් 19 වසංගතය තවමත් රටවල් ගණනාවක පවතින හෙයින් අපේ රටෙන් එම රෝගය තුරන්වී ඇතැයි සිතා කටයුතු කළ නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසයි.

පාසල්වල සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම නිසා දරුවන් අතර මීටරයේ දුර ඉවත්වීමෙන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ප‍්‍රංශය කොරෝනා වසංගතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි සිතා රට විවෘත කිරීමෙන් පසු එම රටේ නැවත කොරෝනා තත්ත්වයක් වාර්තාවීමත් සිංගප්පූරුවට විදෙස් රටවලින් පැමිණෙන පිරිස නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා, කොරෝනා වසංගතය පැතිරීමත් නිසා සිංගප්පූරු අගමැතිවරයාට ජනතාවගෙන් සමාව ඉල්ලීමට පවා සිදුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්

Mohamed Dilsad

’ෆයිසර්’ සමඟ සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment