විදෙස්

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

(UTV | රුසියාව) – බෙලරූස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකචෙන්කෝ ට සහය වීම සඳහා හමුදා යැවීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.

මැතිවරණ ප්‍රතිඵල මුල් කරගෙන මේ වන විට පැනනැගී ඇති විරෝධතාවලට සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු අපේක්ෂා පළ කර තිබේ.

පසුගිය අගෝස්තු 9 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා හට 80 % ක ජනප්‍රසාදයක් හිමිවූ අතර , මැතිවරණ ප්‍රතිඵල දූෂිත බවට විපක්ෂය චෝදනා කරයි.

ජනපති පුටින් ඊයේ ප්‍රකාශ කළේ බෙලරුස් රාජ්‍යය තුළ දැන් මතුවී ඇති තත්වය පාලනය කිරීම සඳහා දෙරට එක්ව ආරක්ෂක සංචිතයක් ඇති කළ යුතු බවයි.

අන්තවාදී කොටස් සීමාව ඉක්මවා ගියහොත් එය භාවිත කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

Related posts

ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනා

Mohamed Dilsad

හමුදා පාලනයෙන් මිදී ඉන්දියාවට පළා එන මියන්මාර සරණාගතයන් ගණන ඉහළට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment