දේශීය

රාජිත සහ SPC හිටපු සභාපති මොහොමඞ් රූමිට අධි චෝදනා

(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට කොළඹ මහාධිකරණය අධිචෝදනා පත්‍ර භාරදී ඇප නියමකර ඇත.

ඔවුන්ට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසට වැඩිදුරටත් නියෝග කෙරුණි.

එක් අයෙකුට රුපියල් 10, 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මත විත්තිකරුවන් දෙදෙනා මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත.

වැඩිදුර නඩු විභාගය ලබන 22 වනදා සිදුකිරීමට නියමිතය.

 

Related posts

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයන් 344 ක් සුව අතට

Mohamed Dilsad

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment