දේශීය

උණුසුම් කාළගුණ තත්ත්වය තවදුරටත්

(UTV | කොළඹ) – ලබන සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් දක්වා කාලය තුළ La Nina කාලගුණ සංසිද්ධිය අත්දැකීමට හැකිවනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

පෘථිවියේ උණුසුම් කාලගුණයක් ඇති කරන El Nino කාලගුණ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන්නේ La Nina කාලගුණ සංසිද්ධියයි.

ලා – නීන්යා සංසිද්ධියෙන් ශීත කාලගුණයක් අත්දැකීමට හැකිවන අතර, එවැනි තත්ත්වයක් ඉදිරි මාස 3 තුළ වර්ධනය වීමේ 60% ක අවස්ථාවක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධාන සඳහන් කරයි.

නමුත් ලෝක කාලගුණ වෙනස තුළින් ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම හේතුවෙන් La Nina තත්ත්වයක දී වුවද ලොව පුරා උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව එමඟින් පෙන්වා දෙයි.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment