කලා

විනු සිරිවර්ධන යුග දිවියට[PHOTOS]

(UTV |කොළඹ) – විනු සිරිවර්ධන අද (28) විවාහ ජීවිතයට පිවිසෙයි.

ඇගේ අත ගන්නා සහකරු වන්නේ කථිකාචාර්යවරයෙක් වන කසුන් ලියනගේය.

විවාහයට පෙර ඇය ඇගේ අනාගත සහකරු සම්බන්ධයෙන් පැවසුවේ…”එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජමාධ්‍යයේ දාලා නැහැ. විවාහ වෙනවා කියන දේ දන්වන්න මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේමුහුණ නොපෙනෙන ඡායාරූපයක්. එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා හඳුනාගෙන තිබුණා”.

එයා ජනප්‍රියත්වයට වැඩිය ආස කරන කෙනෙක් නෙමෙයි. මගේ ජනප්‍රියත්වයට එයාගේ අකැමැත්තක් නැහැ. එයාගේ පවුලේ එයයි, අම්මයි, තාත්තයි, අක්කයි ඉන්නේ. එයාලාගේ පවුලේ අය මාව රංගන ශිල්පිනියක් ලෙස දැනගෙන හිටියා. ඉතිං එයා ජනප්‍රියත්වයට කැමැති නැති වුණාට එයාගේ ක්ෂේත්‍රය ඇතුළේ එයා ජනප්‍රියයි.

කොහොම වුණත් අද දින නව ජීවිතයක් අරඹන විනු සිරිවර්ධනට සහ කසුන් ලියනගේට සුබ විවාහ දිවියක් ප්‍රර්ථනා කරමු.

Related posts

‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]

Mohamed Dilsad

ලංකාවේ පාරවල්වල තවම මම තනියම යන්න දන්නෙ නැහැ

Mohamed Dilsad

දමිළ බසට හැරවෙන Driving Licence

Mohamed Dilsad

Leave a Comment